වසර 2,000 ක් පැරණි පරිගණකයක්,ශ්‍රේෂ්ඨ පිරමීඩ ඇතුලෙ තිබෙන විදුලි බලාගාර පවතිනවා,ලෝකය පුරාම ඇති පුරාවස්තු සහ කතන්දර වලින් ඈත අතීතයේදී දියුණු තාක්ෂණයක් තිබුන බව පෙන්වා දෙනවා මෙවැනි දේවල් අපේ මුතුන්මිත්තන්ගේ පරිකල්පනයෙන් සැදුනු නිමැවුම්ද නැත්තං පුරාන මිනිසුන්ට පිටසක්වල තාක්ෂණයක් ලබාගන්න හැකිවුනාද?
පුරාන මිසර වාසීන්ට විදුලිය උත්පාදනය කරන්න හැකිවෙලා තිබෙනවා ඒ වගේම ඔවුන්ගේ රාජකීය සොහොන්කොත් වල විදුලි බල්බයක රූපයක් පවා කැටයම් කර තිබෙනවා ලොවපුරා තිබෙන මෙවැනි තොරතුරු පිළිබඳව සාකච්චා කරමින් ගගනගාමී මතධරයන් සාකච්චා කරන්නේ පැරැන්නන් ගුප්ත උපකරණ පාවිච්චි කරපු බවත් ඒවාට සහය දුන්නෙ පිටසක්වලයන් කියලයි