Mandela (2021) is an Indian Tamil language film. It is classified as a satirical film about comedy, drama and politics. The film was written and directed by Madonne Ashwin. , Ramachandra, Balaji Mohan and Vidhu Ayyanna. The film was originally screened on Netflix and Star Vijay. The movie has an IMDB rating of 8.5 / 10 and a Google user rating of 83%.
In a small village in Tamil Nadu, there are about 1000 people divided into two castes. They are known as the Southerners and the Northerners. One vote is needed to determine the victory of these two brothers. On this occasion, a villager named Mandela came forward to impose a condition on the two brothers to cast his vote.
----------------------------------------------------------------------------------------------------------------
Mandela (2021) ඉන්දියානු ද්‍රවිඩ බාෂා චිත්‍රපටයක්. මෙය ප්‍රසහන,නාට්‍යමය සහ දේශපාලනය පිලිබඳ උපහාසාත්මක චිත්‍රපටයක් ලෙස වර්ග කර තිබෙනවා.චිත්‍රපටය ලියා අධ්‍යක්‍ෂණය කර තිබෙන්නේ Madonne Ashwin විසිනුයි.YNOT Studios,Reliance Entertainment,Open Window Productions,Wishberry Films සමාගම් සියල්ලේම එකතුව තුලින් මෙය නිෂ්පාදනය කර තිබෙන්නේ S.Sashikanth,Chakravarthy,Ramachandra,Balaji Mohan යන පිරිසයි ඒ වගේම සිනෙමාරූපණය කර තිබෙන්නේ Vidhu Ayyanna විසිනුයි.මෙම චිත්‍රපටය මුල් වරටප්‍රදර්ශනය කර තිබුනේ Netflix වෙබ් අඩවිය සහ Star Vijay නාලිකාව තුළිනුයි.කෙසේවෙතත් ප්‍රධාන සහ සහ සහය රංගන දායකත්වය ලබාදෙන්නේ Yogi Babu,Sheela Rajkumar, Sangili Murugan සහ G. M. Sundar නළු නිලි පිරිසයි.මෙම චිත්‍රපටය සඳහා IMDB අගය 8.5/10 විදිහටත් ගූගල් පරිශීලක අගය 83%ක් විදිහටත් සටහන් වී තිබෙනවා.
තමිල්නාඩුවේ කුඩා ගම්මානයක 1000 ක පමණ ජනතාවක් කුල දෙකක් විදිහට බෙදී ඉන්නවා.ඔවුන්ව හඳුන්වන්නේ දකුනුගම්වාසින් සහ උතුරුගම්වාසින් විදිහටයි.ඒ ගමේ ප්‍රාදේශීය සභාපතිවරයා ගම්වාසීන්ගේ ගැටුමක් අතරතුරදී රෝගාතුර වෙනවා.මේ නිසා පුරප්පාඩුවූනු සභාපති තනතුර සඳහා ඔහුගේ පුතුන් දෙදෙනා තරඟ කරන්නට ඉදිරිපත් වෙනවා.කෙසේවෙතත් එකිනෙකා එදිරිවාදීන් ලෙස කටයුතු කරන මෙම දෙසොයුරන්ගේ ජයග්‍රහණය තීරණය කිරීමට එක චන්දයක් අවශ්‍යය වෙනවා. මේ අවස්ථාවේදී මැන්ඩෙලා නමැති ගම්වැසියෙකු තමන්ගේ චන්දය ලබාදීම සඳහා මේ දෙසොයුරන්ට කොන්දේසියක් පනවමින් ඉදිරිපත් වෙනවා.
Clik here to view.