08 පිටසක්වල ප්‍රජනකයින්
හත්වෙනි කතාමාලාවේ අටවෙනි කොටසෙන් පෞරාණික ගගනගාමී මතධරයන් යෝජනා කරන්නෙ පුරාණයේ පිටසක්වලයන් අප අතරට ඇවිත් මිනිස් ස්ත්‍රීන් සමග එකතු වී දරුවන් හදමින් අපේ ජාන සැකැස්ම වෙනස් කෙරුව බවයි මේ සඳහා බයිබලයේ සඳහන් පිරිහුණු දේවදුතයන්ව සහ ග්‍රීක දෙවිවරුන්ගේ පුරාවෘත්ත උදාහරණයක් හැටියට පෙන්වනවා මේ කොටසෙන් ඔවුන්ට දාව ඉපදුනු දෙමුහුන් දරුවන් ගැනත් නෙෆිලීම් නමැති යෝධයින් පිරිසක් ගැනත් කතාබහ කරමින් අපේ ජාන සැකැස්ම වසර 5000 ක් වැනි කාලයක් තුලදී 7% කින් පමණ වෙනස් වී ඇති බවට හෙළිදරව් කරනවා ඒ මගින් ඔවුන් යෝජනා කරන්නෙ අපි තව දුරටත් පරිණාමනය වෙමින් පවතිනවා කියලයි