Theevandi (2018) ඉන්දියානු මලයාලම් භාෂා චිත්‍රපටියක් මේක වර්ග කරලා තියෙන්නෙ ප්‍රහසන,නාට්‍යමය,සහ දේශපාලන නැඹුරුවක්
සහිත සලරුවක් විදිහටයි,ඒ වගේම මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ නවකයෙක් වෙන Fellini T. P විසින් ලියලා තියෙන්නෙ
Vini Vishwa Lal. චිත්‍රපටියේ ප්‍රධාන නලුනිලියන් විදිහට Tovino Thomas, Samyuktha Menon, Sudheesh, Surabhi Lakshmi, Rajesh Sharma, Suraj Venjarammoodu, Saiju Kurup, සහ Shammi Thilakan රංගන දායකත්වය ලබාදෙනවා.මේකට සංගීත අධ්‍යක්ෂණයෙන් Kailas Menon සහ සංස්කරණයෙන් Appu Bhattathiri දායකත්වය ලබාදෙනවා ඒ වගේම මේකට ලැබිල තිබෙන imdb අගය 6.9/10ක්
මේකේ කතාව ගොතල තිබෙන්නේ පුලිනාඩු කියන මනඃකල්පිත ගමක ඉන්න පිරිසක් වටායි,බිනීෂ් දාමොදරන් කියන්නෙ සිගරට් වලට ඇබ්බැහි වෙලා ඉන්න තරුණයෙක්, මොහු වැඩ කරන දේශපාලන පක්ෂයේ නායකයට හදිස්සි අනතුරක් සිද්දවෙනව මෙතැනදී පක්ෂයේ ඉදිරි අපේක්‍ෂයා තේරීමේදී ඔහුට තමන්ගේ මස්සිනාට සහයෝගය දෙන්න වෙනවා නමුත් ඔවුන්ගේ විරුද්ධවාදීන් මේ සඳහා විරෝධතාවයක් දක්වමින් ඔහුව ඔට්ටුවක් ඇල්ලීම සඳහා පොළඹවා ගන්නවා